කොළඹ – යාපනය අතර නව ගුවන්‌ සේවාවක්‌ අද සිට

0
49

කොළඹ සහ යාපනය අතර නව ගුවන්‌ සේවාවක්‌ අද(01) සිට ආරම්භ කෙරුණි.

“ෆිටිස්‌එයාර්” ගුවන්‌ සමාගම විසින් එකවර මගීන්‌ 70ක්‌ රැගෙන යා හැකි ගුවන්‌ යානයක්‌ ඊට යොදාව ඇති අතර සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනවල එම ගුවන්‌ ගමන්‌ ක්‍රියාත්මක බව රත්මලාන ප්‍රධාන ගුවන්තොටුපොල කළමණාකරු අරුණ රාජපක්ෂ පවසයි.

ඉහත දිනවල උදෑසන 7.30ට රත්මලාන ගුවන්‌ තොටුපොලින්‌ යාපනය බලා පිටත්වන යානය නැවත පෙරවරු 9.30ට පලාලි ගුවන්‌ තොටුපොලින්‌ රත්මලාන බලා පිටත්වීමට නියමිතයි.

යාපනය සිට චෙන්නායි දුක්වා ගමන්‌ කරන ගුවන්‌ යානය ඉලක්ක කර මෙම ගුවන්‌ සේවය ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.

කොළඹ සිට යාපනයට ගොස් නැවත පැමිණීමට මගියෙකුගෙන්‌ අයකෙරෙන මුදල රුපියල්‌ 15,000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here