නිදහස් දිනය ශෝකී දිනයක් ලෙස යාපනය විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි

0
22

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය හැත්තෑ දෙවන ජාතික නිදහස් සමරු දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කල නිවේදනයක සදහන් වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් මේ රට තුළ විසඳී නොමැති නිසා දෙමළ ජනතාවට නිදහස් දිනය සතුටෙන් සැමරීමට හැකියාවක් නොමැති බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටලු කිසිවකට ගත වූ කාලය ඇතුළත විසදුම් ලැබී නොමැති බව පවසන යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය, අවම තරමින් වත්මන් රජය ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට හෝ අවස්ථාවක් සලසා නොමැති පරිසරයක දෙමළ ජනතාවගේ නිදහස පිළිබදව ඇත්තේ ශෝකී තත්ත්වයක් බවද පෙන්වා දී තිබෙනවා.


රසාදි චතුරංගි ගමගේ
(වවුනියාව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here