දරුවන්ට පාසැලක් ඉල්ලූ දෙමව්පියන් අත්අඩංගුවට

0
31

ගාල්ල සංඝමිත්තා සහ රිච්මන්ඩ් විදුහල්වලට දරුවන් ඇතුළත් කර නොගැනීම සම්බන්ධව විරෝධය පළ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳගෙන නිහඬ උද්ඝෝෂණයක නිරත වී සිටි දෙමව්පියන් සහ සිසුන් හතළිස් දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

සංඝමිත්තා විදුහලේ පළමුවැනි ශ්‍රේණියට, පාසල ආසන්නයේ පදිංචි නිවෙස්වල දරුවන් සිව් දෙනකුද රිච්මන්ඩ් විදුහල ආසන්නයේ පදිංචි එක් දරුවකුද ඇතුළත්කර නොගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට පාසල් පාලනය හෝ අධ්‍යාපන අමාත්‍යංශයෙන් විසඳුම් නොලැබීම නිසා ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය’ මෙම විරෝධතාව කැඳවා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here