“බුදුන් සිංහල නෙමෙයි කියල කියපුවාම ‘හාට් ඇටෑක්’ හැදෙන අය ඉන්නවා”

0
24

ශ්‍රී ලංකාව පුරාම තමා ඇතුලු දෙමළ බෞද්ධයින් 40,000ක් පමණ වාසය කරන බව හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා.

ලන්ඩන්හි ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විද්‍යාර්ථවේදියකු වන සුරේන් රාඝවන් ඒබව සඳහන් කර සිටියේ, කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන ‘ලීඩර් ටීවී’ හි “සිතමු” වැඩසටහනට එක්වෙමිනි.

“ලංකාව පුරාම මා ඇතුළුව 40,000ක් පමණ දෙමළ බෞද්ධයින් ඉන්නවා. දැන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, බෞද්ධත්වය ගැන කතා කරද්දී සිංහල අය හිතනවා බුද්ධාගම ඒ අයගේ කියලා. දැන් බුදුන් සිංහල නෙමෙයි කියල කියපුවාම ‘හාට් ඇටෑක්’ හැදෙන අය ඉන්නවා. විජය සිංහල නෙමෙයි කීවාම අපිත් එක්ක ගහගන්න එන කට්ටිය ඉන්නවා.

බුද්ධාගම සිංහලයාගේ බූදලයක් බවට පත් නොකර බුද්ධාගම උතුරටත් දකුණටත්, නැගෙනහිරටත්, බස්නාහිරටත් අයිති ලෝක දර්ශනයක් ලෙස ජීවිත රටාවක් ලෙස පත් කරන්නට සිංහලයින් මැදිහත්වන දවසක මිට වඩා යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන්”

යැයි ඔහු එහිදී සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here