සිංගිමලේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකයක්

0
22

හැටන් සිංගිමලේ කන්දේ ගින්නක් හටගෙන ඇති බව හැටන් පොලිසිය පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයද පිහිටියේ මෙම සිංගමලේ කන්ද පාමුලය.

සිංගිමලේ කන්දේ නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් අද (13) දින උදැසන ගින්න හටගෙන ඇත.

පවතින වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ දක්වා පැතිර යමින් පවති.

සිංගිමලේ කදු මුදුණ සිට පහලට ගලා බසිනා ජල මුලාශ එක්රැස් කර ගනිමින් හැටන් ප්‍රදේශයට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා ගන්නා ජල වේල්ලද එම ස්ථානයේ පිහිටා ඇත.

සිංගිමලේ කදු රක්ෂිතයේ කදුකරයට ආවේනික ක්ෂිරපායි සතුන් මෙන්ම, පක්ෂින්ද ගණනාවක්ද වෙසෙන අතර එම රක්ෂිතය තුල දුර්ලභ ඝනයේ දැව සහ ආයුර්වේද ඖෂධ පැළැටි ගණනාවක්ද තිබෙන බවයි හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් පවසන්නේ.

කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.

පැතිර යන ගින්න පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින්, හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවස ඒකකය ,හැටන් වන අඩවි කාර්යයාලයේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් මේ වන විට කටයුතු කරමින් සිටියි.

ගින්න පැතිර යන ස්ථානයට හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකයේ උපකරණ රැසක රැගෙන යාමට අසිරු වි ඇත.


රසික ලංකා හේමචන්ද්‍ර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here