“උගතුන් පමණක් පාර්ලිමේන්තු යවන්න කියන එකට මම විරුද්ධයි”

0
18

උගතුන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පවතින මතයට තමන් විරුද්ධ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ ප්‍රනාන්දු විසින් රචිත සුදු කළු අළු ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඔහු පැවසුවේ උගත්භාවය පමනක් සැලකුවහොත් නූගතුන්ට රට තුල ඉඩක් නොමැති වන බවයි.

එමෙන්ම දැනට පාර්ලිමේන්තු නියෝජිතයින් අතර පශ්චාත් උපාධිධාරි පස්දෙනෙක්, වෛද්‍යවරුන් හයදෙනෙක්, ඉන්ජිනේරුවන් පස්දෙනක්, වරලත් ගණකාධිකාරිවරුන් පස්දෙනෙක් සහ නීතිඥවරුන් පනස්දෙනෙකුට වැඩි පිරිසක් සිටින බවද ඔහු පවසයි.

එම නිසා අවශ්‍ය වන්නේ යම් කාරණයක් තෙරුම්ගෙන එය නිසියාකාරව සිදු කිරීමට ඇති හැකියාව බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here