පොල්ගස් 2000ක් බිංගිරිය කර්මාන්ත පුරය වෙනුවෙන් විනාශ කරලා

0
24

සාරවත් පොල් ඉඩමක් විනාශ කරමින් ආරම්භ කළ බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ කිසිඳු කර්මාන්ත ශාලාවක් මෙතෙක් ආරම්භ කර නැතැයි, ජනතාව චෝදනා කරයි.

පසුගිය රජය මෙම කර්මාන්ත පුරය වෙනුවෙන් විනාශ කළ පොල් ගස් සංඛ්‍යාව 2,000ක්. ඉකුත් වසරේ මාර්තු 04 වැනිදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සඳහා මුල්ගල තැබුවේ, කර්මාන්ත ශාලා 25ක් ස්ථාපිත කරන බව පවසමින්. අකිල විරාජ් කාරියවසම් හා නලින් බණ්ඩාර යන වත්මන් මන්ත්‍රීවරුන් ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කළා. කර්මාන්තපුරයේ මුලික අදියර ලෙස බිංගිරිය ජර්මන් වත්තේ අක්කර 164ක පොල් ඉඩමක් මීට යොදා ගැනුණා.

වාහන අමතර කොටස් ඉංජිනේරු කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණ ආශ්‍රිත කර්මාන්ත මෙහි ආරම්භ කරන බව පැවසුව ද, අද වනවිට එහි කිසිදු කර්මාන්ත ශාලාවක් ආරම්භ කර නැති බව පවසන ජනතාව, සත්ව ආහාර නිෂ්පාදන වැඩපලක් පමණක් ආරම්භ කරමින් පවතින බව පවසනවා. පශු සම්පත් මණ්ඩලයට අයත් මෙම ඉඩමේ සාරවත් පොල්ගස් මෙන්ම, වටිනා ගස් රාශියක් අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් කපා දැමුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here