සබීතාගේ බිල්ඩිම ආයෙමත් රජයේ වැඩ වලට – CIDඑක දැනටමත් ගෙනැවිත්

0
24

පසුගිය රනිල් – මෛත්‍රී පාලන සමයේ ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44ක් වැය කර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත මිලදී ගත් රුපියල් මිලියන 21 බැගින් මාසික කුලියක් ගෙවූ රංගන ශිල්පිනී සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කළේ යැයි පසුගියදා පැවසූ නමුත් මේ වනවිට එම ගොඩනැගිල්ල එම කූලී පදනම මතම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් වෙත ලබාගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම ගොඩනැගිල්ල නීති විරෝධී ඉදිකිරීමක් බවත් එම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කළ පාර්ශවවල තීරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවද මේ වනවිට නිර්දේශ කර තිබේ.

එවන් තත්වයක් තුළ කොළඹ කොටුවේ පහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (CID ගොඩනැගිල්ලේ) දැනට ක්‍රියාත්මක වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය, පොලිස් බඳවාගැනීම් අංශය ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් අංශ කිහිපයක කාර්යාල මෙම ගොඩනැගිල්ලට ගෙනවිත් ඇත.

පසුගිය යහපාලන රජය බදු පදනම මත ලබාගත් රාජගිරියේ මෙම ගොඩනැගිල්ල ගිවිසුම අනුව තවත් වසර 02ක කාලයක් රජයට බදු අයිතිය පවතින නිසා ඒ කාලයට පමණක් පොලිස් දෙපාර්තමේන්තුවට මෙම ගොඩනැගිල්ල භාවිතා කිරීමට තීරණය කළ බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල නීතිවිරෝධී ලෙස බඳු ලබාගැනීමටත් නීතිවිරෝධී ලෙස ඉදිකිරීමටත් කටයුතු කළ වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා අදාළ අලාභයන් අයකරගන්නවා වෙනුවට මේ වනවිට එම පරීක්ෂණ සිදු කළ යුතු ආයතනවලටම භාවිතය සඳහා මෙම ගොඩනැගිල්ල ලබාදීම හාස්‍යයට කරුණකි.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමේදී සඳහන් කර සිටියේ මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්වන බවත් අදාළ බදු ගිවිසුම් අහෝසි කොට මෙම ගොඩනැගිල්ල ලබාගැනීමෙන් සිදු වූ පාඩුවද පියවා ගන්නා බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here