දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ජයක් සොයා ඉන්දියාවට

0
25
දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ජයක් සොයා ඉන්දියාවට

ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හා තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද ඔක්තෝබර් 15 සිට 27 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

මේ වෙනුවෙන් වූ මාධ්‍ය හමුවක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවතියේ පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම රැකබලා ගැනීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවත් ඔවුන් මින් අනතුරුව අනුග්‍රාහකයන් සොයා කිසිවෙක් පසුපස නොයා යුතු බවත්ය.
පසුගිය දා මෙරට දී නිමාවට පත්වූ ශ්‍රී ලංකා ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලියේ දී වසර 20කට පසුව ඉන්දීය කණ්ඩායම තරගාවලියක දී පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එමනිසාම මෙම තරගවලිද උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය – ප්‍රියන්ත කුමාර (නායක), සහන් කුමාර, පී. ඩී. රවීන්ද්‍ර, කේ. ඒ. සිල්වා, ඩී.චමින්ද, කෝසල හේරත්, උපුල් සංජීව, රුවන් වසන්ත, සමන් තුෂාර, දිනේෂ් මතුගම, චමින්ද බණ්ඩාර, සුරංග සම්පත්, චන්දන දේශප්‍රිය, චන්දන සූරියආරච්චි, දමිත සඳරුවන්, ප්‍රියන්ත කුමාර, දිනේෂ් මදුවන්ත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here