රාජකරුණා, රාජමන්ත්‍රී, රත්නායක මරණ දඬුවමින් නිදහස්

0
32

උතුරේ යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරින් තිදෙනෙකුට් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන වරදකරුවන්ට සමාව දීමේ බලය ප්‍රකාරව ක්‍රියා කරමින් මෙකී සමාව ප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔවුන් නමින් සහ තනතුරුවලින්,
RMP රාජකරුණා (කෝප්‍රල්)
D රාජමන්ත්‍රී (මේජර්)
RMS රත්නායක හෙවත් සුනිල් රත්නායක (මාණ්ඩලික සැරයන්) වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු දෙකකට අදාළව මෙම හමුදා නිලධාරින් වරදකරුවන් වී දැනට සිරදඬුවම් විඳිමින් සිටිති. මේ සිව් දෙනාම මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ තැනැත්තන් ය.

විශේෂයෙන් සුනිල් රත්නායක මිරුසුවිල්හි නිරායුධ දෙමළ වැසියන් පිරිසක් සමූහ ඝාතනය කිරීමේ යුධ අපරාධය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකි.

https://janayugaya.lk/2019/11/20/mirusuvil-mass-murderer-released/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here