‘බෙලි කැපීමේ අනතුරු හැඟවීම’ වරදකරු වූ නිලධාරියාට – දෙවැනි උසස්වීමත් දෙයි

0
43

ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ ජාතික උද්ඝෝෂකයන්ට සංඛේතාත්මක මරණ තර්ජනයක් කිරීම නිසා එරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩුවම් ලනොඕ යුධ හමුදා නිලධාරියකුට තවත් උසස් වීමක් ලබා දී තිබේ.

ඒ අනුව පුත්තලම, සිංහවිල්ලුවත්ත හි ස්ථාපිත 58 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු 2020 මාර්තු මස 04 වැනි දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කළ බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසා සිටියි.

එම අවස්ථාවේදී සේනාංක මූලස්ථානය වෙත පැමිණි නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රනාන්දු වෙත පළමු වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු මුරයක් පිරිනමා ඇත.

පොහොට්ටු ආණ්ඩුවට මාස 4යි : මේ දෙවන උසස්වීමයි !

වර්තමාන පාලනය යටතේ මාස හතරක කාලයක් තුළ ඔහුට උසස් වීමක් ලබා දුන් දෙවැනි අවස්ථාව මෙයයි.

පසුගිය දෙසැම්බරයේ දී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉඩම්, දේපළ සහ භට නිවාස ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබුනි.

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජනයක් කරමින් තමන්ගේ උගුර හරහා කිහිප වරක් ඇඟිලි යවමින් බෙල්ල කැපීමේ සංඥාවක් කළ එවකට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ප්‍රියංක ප්‍රනාන්දුව, වරදකරු කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට පවුම් හාරදහසකට අධික දඩයක් නියම කර තිබුණි.


වීඩියෝව – ceylonnews ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here