රවී කරුණානායකව හොයාගන්න නැහැලු

0
26

2016 වසරේ සිදු වූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා CIDය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් වරෙන්තුවට අනුවයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් පරීක්ෂා කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු එම අවස්ථාවේ නිවසේ සිට නොමැති බැවින් CID නිලධාරීන් නිවසින් යළි පිටව ගොස් තිබෙනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පස්වරුවේ වරෙන්තු නිකුත් කළා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බැඳුම්කර වෙන්දේසියට රාජ්‍ය බැංකු තුනක් විසින් ලංසු ඉදිරිපත් කරන අවස්ථාවේදී බලපෑම් කරමින් යම් යම් සීමා පනවා ඇති බව ඊයේ අධිකරණය හමුවේ අනාවරණ වුණා.

එමෙන්ම රවී කරුණානායකට කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම සඳහා මුදල් ලැබී ඇති බව පෙනී යන බවයි මහේස්ත්‍රාත්වරයා ඊයේ ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පර්පෙචුවෙල් ට්‍රෙශරිස් ලිමිටඞ් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙරවරුවේ ගොස් ඇති බවත් වාර්තා වුණා.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිටත් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here