තමන්ගේ මුව ආවරණය ගලවා වෙන අයෙක්ට පරිත්‍යාග කළ ‘අඥාන වජිර අබේවර්ධන’

0
23

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන ගාල්ල නගරයේදී ජනතාව වෙත මුඛ ආවරණ ලබා දී තිබෙනවා.

නමුත් මුඛ ආවරණයක් පළඳින්නේ කුමන හේතුවක් මතදැයි කියාවත් හරියට දන්නවා දැයි ඉහත වීඩියෝව නැරඹු ඔබට වැටහෙනු ඇති.

මන්ද, වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා තමන් පැළඳ සිටින මුව ආවරණය ගලවා වෙනත් පුද්ගලයෙකු වෙත ලබා දෙනවා.

මෙවැනි අවදානම් තත්වයකදී මෙවැනි වැරදි ආදර්ශයක බරපතල කමත්, මෙවැනි තත්වයක් ඇති හෝ නැති වූවත් මුව ආවරණයක් ගලවා වෙනත් කෙනෙකුට පළඳින්නට ලබා දීම කෙසේවත් සිදු නොකළ යුත්තක් බවත් සාමාන්‍ය අධ්‍යාපනයක්, සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කෙනෙකුට වැටහෙන සරල කාරනාවක්.

නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, 2020 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නැවත යාමට සිහින දකින්නෙකු ලෙස මොහුගේ අධ්‍යාපනයේ සහ සාමාන්‍ය දැනීමේ තරම ඔබට මෙම දර්ශන පෙළ මඟින් වටහා ගන්නට හැකි වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here