ඡන්දය මැයි මැදත් පසු වේ

0
22

පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිනයක් නියම නොකර එය කල් තබා ඇත. එම දිනය අනිවාර්යයෙන්ම 2020 මැයි මස 14 දිනයෙන් ඔබ්බෙහිවූ දිනයක් වනු ඇත. අපේක්ෂකයින්ගේ මනාප අංක ඡන්ද විමසීම් දිනය නියම කෙරෙන තෙක් නිකුත් කරනු නොලැබේ මැතිවරණය සඳහා නව දිනයක් ගැන තීරණය කිරීම තබා ඒ ගැන සලකා බැලීම හෝ සිදු කළ හැක්කේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන්වීමෙන් පසු බොහෝ විට අප්‍රේල් 20 දිනද පසුවී එනම් කල් තැබීමේ ගැසට් නිවේදනයෙන් මාසයකට පසු බව හඟිමි.

එහෙයින් සියලුම ආකාරයේ පක්ෂ / අපේක්ෂක ප්‍රචාරක කටයුතු අත්හිටුවා මේ රුදුරු COVID -19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස සියලුම දේශපාලනඥයින් ගෙන් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන්ද සියලුම පුරවැසියන්ගෙන් ද ඉතා ඕනෑකමින් හා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

සටහන

1. ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද, ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේදී නොකර සිටින ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

2. මැතිවරණ දිනය කල් තැබීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අති විශේෂ කාණ්ඩයේ එම ගැසට්ටුව, අංක 2167/19 – 2020. 03. 21 ලෙස වේ.


– මහින්ද දේශප්‍රිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here