කටුනායක සමහර කර්මාන්ත ශාලා තවමත් විවෘත ඇයි?

0
33

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළඳ කලාප වල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

ඇදිරි නීතිය හේතුවෙන් සිය නවාතැන් පොලවල් වලට සීමා වී සිටි වසා දැමුණු කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවෝ රජයේ මැදිහත් වීමෙන් පසුගිය දිනවලදී ඔවුන්ගේ ගම් බිම් වලට පිටත් කර තිබුනේ ඔවුන්ගේ මාසික වේතනය ගෙවීමකින් තොරවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන පරිදි ආයෝජන මණ්ඩල වාර්තා අනුව පසුගිය දින කීපය තුල කටුනායක 5144 ක්, බියගම 3264ක්, මීරිගම, වතුපිටිවල හා මල්වත්ත කලාපයේ 450ක් , හොරණ 962 හා සීතාවක 280 දෙනෙකු ලෙස ගම්බිම් බලා පිටත් කර හැර තිබේ.

මේ වන විටත් නිදහස් වෙළඳ කලාපය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා කිහිපයක් ක්‍රියාත්මක වන බව තහවුරු කරන නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාර්කස් මාධ්‍ය වේදීන් සමඟ පවසා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවකට යටත්ව එම සේවාවන් පවත්වාගෙන යනු ලබන බවයි.

එම සේවාවන් සිදු කරන ආයතන තුළ සේවකයන්ගෙන් සමන්විත සෞඛ්‍ය කමිටුවක් පත් කළ යුතු අතර ආයතනයේ පාලනාධිකාරියේ තමන්ට සපයන පහසුකම් සම්බන්ධයෙන් සැහීමකට පත් විය නොහැකිනම් තම සේවය නතර කිරීමේ හැකියාව පවතින බව වෘත්තිය සමිති නායකයා තව දුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here