“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිව රැවැට්ටුවා”

0
35

විශේෂඥන්ගේ ප්‍රකාශ තමන්ගේ කර ගෙන රැගෙන ගොස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති තුමන්ව රැවැට්ටූ බව රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

මීට පෙරද ශ්‍රී ලංකාව වසංගත රෝග වලට මුහුණ දී ඉන් ජයගත් රටක් බවත් ඒ සඳහා රාජ්‍ය නායකයින්ට උපදෙස් ලබා දීමට ඔවුන් වටා අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති පිරිස් සිටි බව ඔහු පැවසීය.

නමුත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ සුදුසුකම් ඇති පිරිස් සිටින්නේද යන්න පිළිබඳ ගැටළුවක් ඇති බව ඔහු සඳහන් කරයි.

වෘත්තීය සමිති වල සිටිනුයේ ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට පිහිටුවා ගත් කණ්ඩායමක් මිස කොවිඩ්-19 පාලනය සම්බන්ධයෙන් රජයට උපදෙස් ලබා දීමට තරම් විශේෂඥ දැනුමක් ඇති පිරිස් නොවන බවත් ඔහු සඳහන් කරයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු,

“කොහෙවත් ඉන්න වෘත්තීය සමිති කාරයෝ සෙට් එකක් ගිහින් රජයට උපදෙස් දෙන්න ගත්තා මෙහෙම තමයි කොවිඩ්-19 මේ රටෙන් තුරන් කරන්නේ කියලා. එතැනදී රජය මුලා වුණා. රජය හිතුව මේ තමයි මේ රටේ ඉන්න විශේෂඥයෝ කියලා”

වසංගත රෝග සඳහා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරු සිටියදී වෙනත් ක්ෂේත්‍රවල වෛද්‍යවරු විවිධ සුදුසුකම් පෙන්වමින් රජය ප්‍රාණ ඇපයට ගත් බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එහිදී අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here