දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 5ක් රිමාන්ඩ්

0
22

සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පාසල් දැරියක් අවස්ථා කිහිපයකදී සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන පසුගිය දින වල ප්‍රදේශවාසීන් සහ රටේ බොහෝ පිරිස් ප්‍රශ්න කළේය.

මෙම සැකකරුවන් ඊයේ (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව මෙලෙස රක්ෂත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.

කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්යෙන් ප්‍රාදේශිය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට ප්‍රදේශවාසීන් විසින් දිගින් දිගටම චෝදනා එල්ල කළේය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අපයෝජනය සිද්ධිය සඳහා අදාළ දේශපාලඥයාද සම්බන්ධ බවත් සිද්ධිය යටපත් කිරීම සඳහා මෙම ප්‍රාදේශිය දේශපාලකයා කටයුතු කරන බවටද ප්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කළේය.

මාස තුනක් තිස්සේ දින ගණනාවක් අවස්ථා ගණනාවකදී අදාල දැරිය සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

[box type=”shadow” align=”” class=”” width=””]ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් වෙන්න, මෙම තොරතුරුද දැනගන්න :

[feed url=”https://sexedu.janayugaya.lk/” number=”5″] [/box]

මෙම සිද්ධියේ ප්‍රධාන දැකකරු වන පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරයා 47 හැවිරිදි සිව් දරු පියෙකු වන අතර ඔහුට අමතරව වන්නිආරච්චිගේ හින්න, නවරත්න චමින්ද, යන දෙදෙනා සහ 65 හැවිරිදි වියේ පසුවන්නෙකුත් 17 හැවිරිදි ළමුන් දෙදෙනෙකුත් දැරිය අපයෝජනය කිරීමට සම්බන්ධ වී ඇත.

අදාල සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා හම්බන්තොට රෝහල වෙත යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here