නාවික හමුදාවට “මිනීමස් කෑමේ” චෝදනා

0
22

මුහුදු ගොස් සිටියදී පහර කෑමට ලක්ව රෝහල් ගත වීමට සිදුවූ උතුරේ ධීවර පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව “මිනීමස් කෑ” බවට චෝදනා කරති.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධීවරයන් පිරිසක් පවසන්නේ කිරාන්චි වෙරල තීරයෙන් එපිට මුහුදේ මාළු බෑමේ යෙදී සිටියදී ඔවුන්ගේ බෝට්ටුවට කඩා වැදුණු නැවියන් පිරිසක් දරුණු ලෙස පහරදී හපා කෑ බවයි…. ඔවුන් පවසන්නේ.

“ඒ අය හැසිරුනේ මිනීමස් කන්නන් රැලක් වගේ…”

යි පහර කෑමට ලක්වූ පී. ජී ජූලියන් ප්‍රකාශ කළේය.

සිය සහෝදරයා සහ මිතුරකු සමග ජූලියන් මුහුදු යාම සඳහා අප්‍රේල් 7 දා පුරුදු පරිදි නාවික හමුදා මුරපොලේ ලියාපදිංචි වී පිටවී ඇත්තේ පාන්දර හතරටය. කොරෝනා තත්ත්වය මත ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුනත්, අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසින් ධීවර කර්මාන්තය පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

ජූලියන් පැවසූ පරිදි, මසුන් ඇල්ලීමේ යෙදී සිටි ඔවුන් වෙත පෙරවරු 7.00ට පමණ විදුලි පහන් එල්ල කළ නාවික හමුදා යාත්‍රාවක් වේගයෙන් පැමිණ තිබේ. එම යාත්‍රාවේ පැමිණ ධීවර බෝට්ටුවට ගොඩවූ නාවිකයන් සැමදෙනාම බීමතින් සිටි බවට ඔහු චෝදනා කරයි.

“කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඒ ගොල්ලෝ ඇවිත් අපිට ගැහුවා. අපේ ඔලු වතුර යට ගිල්ලවාගෙන හිටියා. අපේ එක්කෙනෙක්ව හපා කෑවා. අපේ ඇඳුම් ඉරුවා. අපේ දැල් පන්න විසි කරලා දැම්මා. ඒ අය හැසිරුනේ මිනීමස් කන්නන් රැලක් වගේ. හැමෝම හිටියේ බීලා. සමහරු හිටියේ ඇඟේ ඇඳුමක් වත් නැතිව.”

වරායේ නවතා තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වල පංකා ගැලවීමට පැමිණි බවට නාවික භටයන් චෝදනා කර තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් කළ වගක් දැන ගන්නට නැති බව කිලිනොච්චියේ මාධ්‍යවේදීහු පවසති.

තුවාලකරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කිලිනොච්චි රෝහලට ඇතුල් වූ පසු ජෙයපුරම් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here