චූදිත භික්ෂුවට ඇප ගන්න බලෙන් අයිපීගේ ටිකට් කපයි !

0
24

වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි භික්ෂුව අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර වී තිබේ.

වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මේ බව තහවුරු කරයි. මේ සම්බන්ධව අදාල ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව භික්ෂුව අද (25) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් පරීක්ෂකවරවරයාට පහර දීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවද ස්ථානාධිපතිවරයා පවසයි.

පසුගිය දින කිහිපය තුළ මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය. පසුගිය 19 වැනිදා නිතී විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු වැටලීමට ගිය අවස්ථාවේදී එම ක්‍රියාව නොකරන ලෙස දුරකතන ඔස්සේ මෙම භික්ෂුව සහ මත්පැන් ජාවාරම්කරුවන් පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කර තිබිණි.

අනතුරුව පසුදින එනම් ඉකුත් 20 වැනිදා භික්ෂුව ඇතුළු මත්පැන් ජාවාරම්කරුවන් වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයාට බැන තර්ජනය කර පහර දී තිබිණි.

සිද්ධිය සම්බන්ධව දින කිහිපයකට පෙර පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. භික්ෂුව අතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා දින 6 ක් තිස්සේ පරීක්ෂණ පැවැත්විණි.

ඇප ගැනීමේ උපක්‍රමය !

කෙසේ වෙතත් මෙම පොලිස් පරීක්ෂකවරයා කඩිනමින් රෝහලින් පිට කිරීමට උත්සාහ ගනිමින් සිටියි. මෙලෙස කටයුතු කරමින් සිටින්නට හේතු වී ඇත්තේ චූදිත භික්ෂුවගේ පාර්ශ්වයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු බලධාරීන්ට බලපෑම් කරමින් සිටින නිසා බව අනාවරණය වේ. චූදිත භික්ෂුවට ඇප ලබාගැනීම සදහා මෙසේ අදාළ පොලිස් පරීක්ෂකවරයා රෝහලින් පිටකිරීමට සුදානම් වේ. පොලිස් පරීක්ෂකවරයා රෝහල්ගතව සිටියහොත් චූදිතයන්ට ඇප ලබාගැනීම දුෂ්කර වනු ඇතැයි නීතිවේදීහු චූදිතයන්ට පෙන්වාදීමෙන් පසු, වයඹ පළාත් භාර ඉහළ පොලිස් නිලධාරියෙකුගේද මැදිහත් වීමෙන් චූදිතයන් බේරීමට අදාළ කටයුතු සිදු වන බවද හෙළි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here