දේශීය කිරිපිටි මිල ඉහලට

0
22
මිල සූත්‍රයට අනුව කිරිපිට මිල ඉහලට

ආනයනික කිරිපිටි මිල හා සමාන වන පරිදි දේශීය කිරිපිටි මිල ද ඉහළ නැංවීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබාදී තිබේ.

මෙම අවසරය ලබාදී ඇත්තේ මිල්කෝ, පැලවත්ත සහ නෙස්ලේ යන සමාගම් කළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව මෙතෙක් රුපියල් 345ක්ව පැවති ග්‍රෑම් 400 දේශීය කිරිපිටි පැකට්ටුවක් රුපියල් 380 දක්වාත් මෙතෙක් රුපියල් 860ක්ව පැවති කිලෝ ග්‍රෑම් එකක දේශීය කිරිපිටි පැකට්ටුවක් රුපියල් 945 දක්වාත් මිල ඉහළ නංවා ඇති බවයි මිල්කෝ සමාගම පවසන්නේ.

මෙසේ රජයේ අවසරය මත කිරිපිටි මිල ඉහළ නැංවෙන්නේ ආදායම් අහිමි වීමෙන් රටේ සාමාන්‍ය ජනතාව ඉතාමත්ම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අවස්ථාවක වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here