ලංවීම පෞද්ගලික බලාගාරයකට කෝටි 6000ක් දෙයි

0
34

ලංකා විදුලිබල මණ්ඩලය කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි එස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික විදුලි සමාගම මිලදී නොගැනීමෙන් රජයට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි එස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර බලාගාරයේ වටිනාකම නිවැරදි ලෙස තක්සේරු නොකිරීම හේතුවෙන් ධාරිතා ගාස්තුවේ ප්‍රතිලාභ වෙනුවෙන් කෝටි එකසිය විස්සක් වැඩියෙන් ගෙවා ඇති බවද නිරීක්ෂණය වූයේ යැයි එම වාර්තාව අනාවරණය කරයි.

හිමිකරුගේ ලංසුව අනුව එසේ ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවූ මුදල රුපියල් කෝටි 365කි.

මෙරට විදුලිය ඉල්ලුම සපුරාලීම සඳහා එස් පවර් පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්‍රේල් 06 වැනිදා සිට වසර 10ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුමක් අත්සන් කර ඊට අනුව කටයුතු කර තිබූ බවත් එම ගිවිසුම අවසන්වූ පසු 2016 අප්‍රේල් 06 වැනි දා රැස් වූ අමාත්‍ය මණ්ඩලය බලාගාරය මිලදී ගැනීමට කටයුතු කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබූ බවත් වාර්තාවේ ඇත.

රජයේ තක්සේරුකරු බලාගාරයේ වටිනාකම රුපියල් කෝටි 237ක් ලෙස ගණනය කර තිබූ බව පවසන විගණන කාර්යාලය බලාගාරයේ හිමිකරු රුපියල් කෝටි 244ක මිලක් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ හෙයින් බලාගාරය මිලදී ගැනීමට කටයුතු කර නොතිබූ බවත් සඳහන් කරයි.

නිවැරදිව තක්සේරු කළේ නම් බලාගාරයේ වටිනාකම රුපියල් කෝටි 417කට ආසන්න අගයක් විය යුතු බවට විගණන අංශ නිරීක්ෂණය කර ඇත.බලාගාරය මිලදී ගැනීමෙන් තොරව 2016 වර්ෂයේ සිට ඉන් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් ගතවීම හේතුවෙන් විශාල මුදලක් ඒ සමාගමට ගෙවීමට සිදුව ඇති බවද විගණන වාර්තාවේ සදහන් කර ඇත.

විදුලිබල මණ්ඩලය 2016 – 2021 දක්වා වසර පහක කාලයේ දී ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය වෙතින් පමණක් විදුලිය මිලදී ගැනීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 5,945කි.

දකුණු ප්‍රදේශයේ විදුලි බල අර්බුදය විසඳීම සඳහා යෝජනා කර තිබූ විකල්ප අවස්ථා දෙක සහ පහ සඳහා වැය වෙතැයි අපේක්ෂා කර තිබූ සම්ප්‍රේෂණ පිරිවැය මෙන් පිළිවෙළින් දහතුන් ගුණයක් සහ එකළොස් ගුණයක ධාරිතා ගාස්තු ගිවිසුම දීර්ඝ කරන ලද වසර පහ සඳහා සමාගමට ගෙවීමට සිදුව තිබූ බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

source lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here