පිළිකාව නිසා WWE ලෝක ශුරයා ක්‍රීඩාවෙන් සමු ගනියි

0
44
පිළිකාව නිසා WWE ලෝක ශුරයා ක්‍රීඩාවෙන් සමු ගනියි

ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන සුපිරි රෙස්ලින් ක්‍රීඩක රෝමන් රෙයින්ස් පිළිකා රෝගයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (22) අමෙරිකාවේ පැවති WWE රෙස්ලින් තරගය ආරම්භ වීමට පෙර රෝමන් රෙයින්ස් විසින් තම රෝගී තත්ත්වය පිළිබදව නිවේදනය කර ඇත.

මේ වන විට 33 හැවිරිදි රෝමන් ප්‍රකාශ කර සිටියේ මීට වසර 11කට පෙර තමන් ලියුකේමියා රෝගයෙන් පෙළුණු බවත් ලැබු ප්‍රතිකාර හේතුවෙන් 2008 වසරේදී එය සුව අතට හැරුනු බවත්ය.

WWE ලෝක ශුරයා වන රෝමන් තමාගේ ශූරතාවය අත්හරින බවද රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ක්‍රිඩාවෙන් සමුගන්නා බවටද ප්‍රකාශ කර සිටියේය.

“මම සියලු දෙනාගෙන් සමාව අයදිනවා. ඔබලා බලාපොරොත්තුවෙන් හිටපු ඒ ක්‍රියාශිලි පුද්ගලයා විමට නොහැකිවිම ගැන” යැයි රෝමන් සිය සමුගැනීම ප්‍රකාශ කරමින් පවසා සිට ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here