මුදල් ලැබුනොත් දින 06න් තැපැල් ඡන්ද පත්‍රිකා දෙනවා – මුද්‍රණාලයාධිපති

0
32

මුදල් ප්‍රතිපාදන ලැබී දින 06ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකි වන බවත් මාසයක් තුළ අනෙක් සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි බවත් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි. ඒ බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් අද (16) දිනයේ සිදුකරන බවද මුද්‍රණාලයාධිපතිනි වැඩිදුරටත් සඳහන් කරයි.

මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවද ඇය සඳහන් කරයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් අවස්ථා කිහිපයකදීම ලිඛිතව කළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බව රජයේ
මුද්‍රණාලාය මහාභාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

Lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here