මිනිසාට අහිතකර රසායනික ඉවතට

0
730

දිවයිනේ පැවති මිනිස් සිරුරට අතිශය අහිතකර රසායනික අඩංගු ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉවත් කෙරේ.

ට්‍රාන්ස්ෆෝමර් සඳහා භාවිතයට ගැනෙන ඉන්ධනවල අදාල පිළිකාකාරක පවා සහිත ප්ලාස්ටික් සහිත පීසීබී සංයෝග විශාල වශයෙන් පැවති බව ජාත්‍යන්තර පර්යේෂණ මගින් අනාවරණ වූයේ මීට වසර කිහිපයකට පෙර ය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය වන ‘යුනිඩො’ හි තාක්ෂණික දායකත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අදාල ව්‍යාපෘතිය 2019 වසරේ ශ්‍රී ලංකාවේ ද ආරම්භ කෙරිනි.

ගෝලීය පාරිසරික පහසුකම හෙවත් ‘ජෙම්’ ආයතනයේ මුල්‍යාධාර මත ඇරඹි අදාල ව්‍යාපෘතියේ අවසන් වැඩමුළුව 2024 පෙබරවාරි 20 වැනි දා කොළඹ ‘සිනමන් ග්‍රෑන්ඩ්’ හෝටලයේ දී පැවැත්විින.

එහි දී අදාල අධි අහිතකර සංයෝග සහ මූලද්‍රව්‍ය විශාල වශයෙන් පැවති සියලු ඉන්ධන අදාල ට්‍රාන්ස්ෆෝමරවලින් ඉවත් කළ බව නිවේදනය කෙරිණ.

ව්‍යාපෘතිය සඳහා දායකත්වය සහ සහයෝගය ලබා දුන් කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, ජාතික  සැලසුම් දෙපාර්තමේන්තුව, ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා රේගුව, පාරිභෝගික සේවා අධිකාරිය, කාර්ම්ක සංවර්ධන මණ්ඩලය, ලංකා විදුලි (පුද්ගලික) සමාගම ඇතුළු රජයේ සහ පුද්ගලික සමාගම් වෙත ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාවට යුනිඩෝ ආයතනයේ මෙරට ව්‍යාපෘතිය භාර ව කටවුතු කළ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ආචාර්ය කැමෙලා සෙන්ටෙනෝ, ‘යුනිඩෝ ශ්‍රී ලංකා’ හි ජාතික  අධ්‍යක්ෂ නවාස් රාජාබ්දීන්, පරිසර  අමාත්‍යාංශයේ පරිසර දූෂණය පාලන සහ රසායනික කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ මහින්ද වේරහැර ඇතුළු අමාත්‍යාංශ  අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූ හ.

#විෂ #අහිතකර #ඉන්ධන #පරිසර #එක්සත්ජාතීන් #ලක්දන

 

      

       

       

       

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here