ණය පිළිබඳ පනත් සංශෝධනයක්

0
262

පරාටේ නීතිය තාවකාලික ව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අය කරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.

මාර්තු  12 වැනි දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරිනි.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාල බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024 දෙසැම්බර් 15 වැනි දා දක්වා තාවකාලික ව අත්හිටුවීමටත්, ඊට  විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කළ ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සංශෝධනයටත් 2024 පෙබරවාරි 26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි විය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ, බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධ

න පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here