බැඳුම්කර වංචාවේ විමර්ශන ඉක්මන් කරන්න CIDයට අධිකරණයෙන් නියෝගයක්

0
25
බැඳුම්කර වංචාවේ විමර්ශන ඉක්මන් කරන්න CIDයට අධිකරණයෙන් නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය තවදුටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම නඩුව අද දින(08) කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔවුන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

එමෙන්ම සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

මේ අතර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාරයේ සභාපති ජේෆ්ලි ජෝෂප් ඇලෝසියස් මහතාට ලබන දෙසැම්බර් 30 වනදා දක්වා විදෙස් ගතවිමට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇතිබවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here