ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමට තිබූ එළබටු ගෙඩිය ඇතුලේ කුඩු

0
17
ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමට තිබූ එළබටු ගෙඩිය ඇතුලේ කුඩු

එළබටු ගෙඩියක හෙරොයින් පුරවා, ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමට අවිස්‌සාවේල්ල තානායම අසල විදුලි කණුවක්‌ මුල තබා තිබියදී තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව සීතාවක කොට්‌ඨාස විශේෂ දූෂණ මර්දන ඒකකය පවසනවා.

සැකකරුවන් අවිස්‌සාවේල්ල පදිංචිකරුවෝ වන අතර ප්‍රමාණයෙන් විශාල වම්බටු ගෙඩියක්‌ දෙකඩ පලා එහි ඇට ඉවත් කර ඉතා සූක්‍ෂ්ම ලෙස හෙරොයින් පැකට්‌ සඟවා අලෙවියට සූදානම් කර සිටි අවස්තාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බටු ගෙඩිය තුළ තිබූ හෙරොයින් ප්‍රමාණය ගණනය කර නොමැති අතර ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

සැකකරුවන්ට විරුද්ධව චෝදනා ගොනුකර අවිස්‌සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here