යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට සීතල යුද්ධයක්

0
18
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට සීතල යුද්ධයක්

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල්වරුන් අතර සීතල යුද්ධයක් හට ගෙන ඇති බව යුද්ධ හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

සේවා දිගුවක් ලබා එම තනතුරේ කටයුතු ක්‍රම මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ කාලය දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතයි.

කැඩෙට් පාඨමාලා අංක 19 යටතේ යුධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරාල්වරුන් මෙම තනතුර ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ජ්‍යෙෂ්ඨත්වය අනුව මේජර් ජෙනරාල් වරුන් වන අජිත් කාරියකරවන, රුක්මල් ඩයස්, සත්‍යප්‍රිය ලියනගේ, රුවන් කුලතුංග, දර්ශන හෙට්ටිආරච්චි සහ ශවේන්ද්‍ර සිල්වා යන අය පිළිවෙලින් සිටිනවා. ජ්‍යෙස්තත්වය අනුව සිටින මේජර් ජෙනරාල්වරුන්ගේ නාමලේඛනය ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යැවීමට සැලසුම් කර ඇතිබව වාර්තා වෙනවා.


කේ. ඩී. ජයරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here