බ්‍රිතාන්‍ය රැජිනගෙන් ලාංකීය වෛද්‍යවරියකට සම්මානයක්

0
27
බ්‍රිතාන්‍ය රැජිනගෙන් ලාංකීය වෛද්‍යවරියකට සම්මානයක්

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් (OBE – Order of the British Empire) ශ්‍රී ලාංකික කාන්තාවක් වන වෛද්‍ය ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබෙනවා.

ඇය බ්‍රිතාන්‍ය තුළ විශේෂඥ මනෝ චිකිත්සකවරියක් ලෙස කටයුත් කරයි. නිමාලිගේ පියාද වෛද්‍යවරයෙක් වන අතර ඇයගේ මව හෙදියකි. නිමාලිට අවුරුදු 7 දී ඔවුන් එංගලන්තයට ගොස් තිබෙනවා.

නිමාලි මොඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ කටයුතු කරන අතර එය ලන්ඩන් නුවර පිහිටා තිබෙනවා.

ඇය ගර්භනී අවස්ථාවේ දරු උපතේදී හා උපතින් පසුව කාන්තාවන්ගේ මනෝ සෞඛ්‍ය මෙන්ම මනෝ සෞඛ්‍ය වර්ධනය උදෙසා කටයුතු කරන වෛද්‍යවරියකි.

මේ පිළිබඳව බී.බි.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වා ඇති නිමාලි පවසන්නේ “මට හරිම සතුටුයි…. මම හිතුවේ නෑ…. කොහොමද කියන්නේ…. මේක ලැබේවි කියල මම හිතුවෙම නෑ….” කියලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here