පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ

0
22

පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා දළඹු හානිය සාර්ථකව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මෙම බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් හානි වී ඇතැයි පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා වූ බවත් ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් යොදවා ගොවීන් හා කෘෂි ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පැවැත්වූ බවත් එම කාර්යාලය පවසයි.

මෙහිදී හානියට පත්ව තිබූ ගොවි බිම් සඳහා 50%ක රජයේ දායකත්වය යටතේ කෘමිනාශක ලබා දී ඒවා ඉසීමට ද පියවර ගත් බවත් එබැවින් සේනා දළඹු හානිය පාලනය කළ හැකි වූ බවත් පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් පවසයි.

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු, පුත්තලම කලාපීය කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයේ නිලධාරීහු සහ ගොවීහු පිරිසක් මීට එක්වූහ.


ජයරත්න වික්‍රමාරච්චි

උපුටා ගැනීම – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here