ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර්වල පිළිකා කාරක – ගෙන්වීම නතර කරයි, විකිණීමට ඉඩ දෙයි

0
43
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර්වල පිළිකා කාරක – ගෙන්වීම නතර කරයි, විකිණීමට ඉඩ දෙයි

පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන ප්‍රසිද්ධ පවුඩර් වර්ගයක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර් මෙරටට ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් එම පවුඩ්වර්ගයේ මෙතෙක් ආනයනය කර ඇති තොග අලෙවි කිරීමටද ආණ්ඩුව අවසර ලබාදී ඇත.

මෙම පවුඩර් වර්ගව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන බවද කියැවේ.

පිළිකා කාරක ඇස්බැස්ටොස් නැති බවට අදාළ සමාගම තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

ඔවුන්ගේ නිෂ්පාදනවල ඇස්බැස්ටොස් නැති බවට පිළිගත හැකි රසායනික වාර්තාවක් ඉදිරිපත් කළ පසු අපි යළි ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් කර බෙදාහරින්නන් වෙත ඉදිරිපත් කර බව ශ්‍රී ලංකා ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහ‍තා මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් මෙහි ඇති බරපතලම තත්වය වන්නේ මෙම පවුඩර් වර්ගයේ පිළිකා කාර ඇති බවට ශ්‍රී ලංකා රජය විසින් තහවුරු කරගත්තේනම් මෙතෙක් අලෙවියට මුදාහැර ඇති තොග අලෙවි කිරීමට ඉඩ ලබාදීමය.

ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර්වල මෙවැනි පිළිකා කාරකයක් තිබීම බරපතල අනතුරුදායක තත්වයක් වන අතර බලධාරීන් එම බරපතලකම තේරුම් ගත්තේනම් වහාම කළ යුතුව වන්නේ ඒවා අලෙවි කිරීමද තහනම් කිරීමය.

මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජනියා හි පිළිකා රෝගයට ගොදුරුවූ කාන්තාවක් විසින් ගොනු කළ නඩුවකට අනුවය
ලොස් ඇන්ජලීන් හි ජූරි සභාවක් විසින් ද ජොන්ස්න් ඇන්ඩ් ජොන්ස්න් පවුඩර්වල පිළිකා ඇති බවට තීන්දුවක් ලබාදුන් අතර එම පිළිකාව වැලඳුනු කාන්තාවට ඩොලර් මිලියන 417ක් වන්දි වශයෙන් ගෙවන ලෙසද නියෝග කර තිබිණි.


මූලාශ්‍රය – රොයිටර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here