මංගල එක්දින තරගය – ලෝක කුසලානයට තව දින 90යි

0
29
මංගල එක්දින තරගය - ලෝක කුසලානයට තව දින 90යි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට පෙරමං යන ගමනේ දෙවන නැවතුම තමයි මේග අපි මේකෙදි කථා කරන්නෙ ලෝකයේ පළමුවෙනි ජාත්‍යයන්තර එක්දින තරගය ගැන.

ලොව මංගල එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගය ම අහඹුවක්. 1971 ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අළු බදුන ටෙස්ට් තරගමාලාවේ පස්වන තරගය වර්ෂාව සහ තද සුළං නිසා අතහැර දමන්නට සිද්ද වෙනවා.

නමුත් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඩ්මන් හා එංගලන්ත කළමනාකරු ඬේවිඞ් ක්ලාර්ක් අතර පැවති සංවාදය අවසන් වෙන්නෙ වික්ටෝරියානු ප්‍රාන්ත ක්‍රිකට් ලෝලීන්ට අසාධාරණයක් නොවන විදිහට එක්දින තරගයක් පවත්වන්නට තීරණය කරමින්.

මේ අනුව ලොව පැවති මංගල එක්දින තරගය පන්දු 8 පන්දුවාර 40කට සීමා වුණා. 46 000 ක් fම් තරග අත්දැකීම විඳ ගන්න 1971 ජනවාරි 05 වනදා මෙල්බර්න් පිටියට ආවා. 1877 දී මුල් ම ටෙස්ට් ජය ඔස්ටේ්‍රලියාවට හිමි වූණා වගේ ම ඊට අවුරුදු 94කට පසුව පවත්වපු මුල් ම එක්දින තරග ජය ද ඔස්ට්‍රේලියාවට හිමි වුණා.

එංගලන්ත නායකත්වය දැරුවෙ රේ ඉලිංවර්ත් විසින්ග ඔස්ට්‍රේලියා නායකත්වය බිල් ලොරි විසින් දැරුවා. මේ තමයි ඒ තරගයේ කෙටි ලකුණු පුවරුව.


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here