ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්

0
24
ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්

වෙළෙඳපොළට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරීක්ෂාවකට ලක්කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති එච්. කේ. උදය රූපසිංහ පවසනවා.

රසායනාගාර පරීක්ෂාවෙන් පසුව ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් වලට ඒ බව සනාථ ලේබලයක් ඇලවිමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

ඇතැම් පුද්ගලයින් දේවාල හා පන්සල් වලින් ඉවත් කරන දින ගණනක් පරණ වු අපිරිසිදු පොල්තෙල් විවිධ කෑම වර්ග සෑදීම සඳහා ඇතැම් නිෂ්පාදකයින් භාවිත කරන බවට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව යම් පුද්ගලයකුට තමන් භාවිත කරන පොල්තෙල් හි පිරිසිදු භාවය පිළිබඳව සැකයක් පවතිනම් නාරාහේන්පිට පොල් සංවර්ධන මණ්ඩලයේ ස්ථාපිත රසායනාගාරයෙන් තත්ව පරීක්ෂාවක් කර ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අපිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳව පොල් සංවර්ධන අධිකාරියේ වැටලීම් අංශයේ 011-2502501 /3 යන දුරකතන අංකයන්ට දැනුම් දෙන්නැයි ද සභාපතිවරයා අවධාරණය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here