ආබාධිත රණවිරුවන්ව ශ්‍රිපාදස්ථානය වන්දනා කරවයි

0
39
ආබාධිත රණවිරුවන්ව ශ්‍රිපාදස්ථානය වන්දනා කරවයි

ජාතික රණවිරු සේවා අධිකාරිය යටතේ පාලනය වන රාගම සහ මහරගම රණවිරු සේවනේ ආබාධිත සේබළුන්ව ශ්‍රි පාදස්ථානය වන්දනා කරවිමේ පින්බර වැඩසටහනක් පසුගියදා(09) රාත්‍රියේ සිදු කෙරිණ.

හෝමාගම සහ කොට්ටාව ලියෝ සමාජය විසින් යුද්ධයේදි පුර්ණ ආබාධිත වු යුධ හමුදා සෙබළුන් පිරිසක් මෙසේ ශ්‍රිපාදස්ථානය වන්දනා කරවිමට කටයුතු කර තිබුණි.

ජාතික රණවිරු සේවා අධිකාරියේ අනුමැතිය ඇතිව ලියෝ සමාජයේ සමාජිකයන් විසින් එම ආබාධිත යුධ හමුදා භටයින් නල්ලතන්නිය දක්වා බස් රථ වලින් ප්‍රවාහනය කර නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩු මළුව දක්වා එම ආබාධිත සෙබළුන්ව පුටු මත වාඩි කරවා කර මතින් ඔසවාගෙන ගොස් ශ්‍රි පාස්ථානය වන්දනාමාන කරනු ලැබීය.

ලියෝ සමාජය විසින් ප්‍රථම වතාවට සංවිධානය කර තිබු මෙම වැඩසටහනට සමගාමිව ඉදිරියේදිත් තවත් ආබාධිත යුධ හමුදා සෙබළුන් ශ්‍රි පාදස්ථානය වන්දනාමාන කරවිමට කටයුතු කරන බව ලියෝ සංවිධානයේ සමජිකයෙකු ප්‍රකාශ කර සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here