රත්නපුර නගරය සෝදිසිකිරීම ගැන නගරවාසීන් තුල විශ්වාසයක් නැහැ

0
38

රත්නපුර නගරය හා අවට පොලිසිය විසින් මේ දිනවල සිදු කරනු ලබන සෝදිසි කිරීම පිළිබඳව නගරවාසීන් තුළ තුල විස්වාසයක් නොමැති බව නගරවාසීන් පවසයි.

මේ පිළිබඳව නගර වාසීන් විසින් වගකිවයුතු ආරක්ෂක බලධාරීන්ට ලිඛිතව දන්වා ඇතැයි සඳහන්.

මෙසේ දන්වා ඇතත් කිසිදු පියවරක් මේ දක්වා ගෙන නොමැති අතර රත්නපුර නගරහා හා අවට සෝදිසි කිරීම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා මෙම සෝදිසි කිරීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආරක්ෂක බලධාරීන් ගෙන් නගරවාසීන් ඉල්ලීමක් කරයි.


ජි. ඒ. එස්. ගමඇතිගේ
ජනයුගය – පැල්මඩුල්ල වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here