“දළදා පෙරහැරට ප්‍රහාර අවදානමක්”

0
18

ඉදිරියේදී පැවැත්වෙන දළදා පෙරහැරට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව මල්වතු අනු නාහිමි පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පවසති.

එවැනි අවදානම් තත්ත්වයක් ඇතත් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කර නැති බවට චෝදනා කරන උන් වහන්සේ ඒ වෙනුවෙන් මහජන සෝදිසි කණ්ඩායමක් ඇති කළ යුතු බව ද සඳහන් කරති.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය. එවැනි අවදානමක් ගැන පැවසුව ද එසේ පැවසීමට හේතු සාධක මොනවාදැයි නිශ්චිත වශයෙන් සඳහන් නොකළ අතර පවතින දේශපාලන තත්ත්වය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලත්වය විසින් අනාරක්ෂිත භාවයක් නිර්මාණය වී ඇති බව පමණක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here