මහත්මාගාන්ධිගේ 150 ජන්ම දින සැමරුම වෙනුවෙන් ගස් සිටුවයි

0
25

මහත්මාගාන්ධිතුමගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (19) නුවරඑළිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ මහත්මාගාන්ධිපුර ගම්මානයේ සිදු කෙරුනා.

මෙයට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහෙෂ් සේනානයක මහතා සහභාගි වුනා.

මෙම වතුයායට ඉන්දීයානු රජයෙන් සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ නිවාස 383 ඉදිකරන කෙරුණු අතර, සෑම නිවසක් සදහාම රජය ඔප්පු ලබා දි තිබෙනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here