ත්‍රස්ත ප්‍රහාරයට ISIS සම්බන්ධ නැති බව බුද්ධි අංශ තහවුරු කරයි

0
24
විනාශකාරී සිදුවීමේ සුල මුල හෙළිවෙයි

අප්‍රේල් 21 පාස්කු ඉරිදා කතෝලික පල්ලි හා හෝටල් ඉලක්කකර සිදු කරන ලද ප්‍රහාරය ISIS සංවිධානයේ සෘජු මෙහෙයුමකින් සිදු නොවූවක් බව රජයේ බුද්ධි අංශ තහවුරුකරගෙන තිබේ.

පසුගියදා ජොන් අමරතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති සාකච්ඡාවකදී බුද්ධි නිලධාරියකු එහි රැස්වසිටි පිරිස අමතමින් අදාළ කරුණු තහවුරු කළේය. (ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.)

ISIS සංවිධානය මේ ප්‍රහාරය සඳහා සෘජු සම්බන්ධයක් ඇති බවට වැරදි මතයක් ඇතැයි ද කී ඔහු මේ ප්‍රහාරය දියත්වූ මොහොතේ නියම ISIS ප්‍රධානීන් ඒ ගැන නොදැන සිටි බවද ඔහු පැවසීය.

මෙරට ජීවත් වූ ISIS සංවිධානය සම්බන්ධයෙන් ස්වයං අභිප්‍රේරනයකින් යුත් එම සංවිධාන ජාලය හා සම්බන්ධතාවයක් තිබූ 20 හැවිරිදි තරුණයකු සිද්ධියෙන් පසුව එම සංවිධානයට මේ ප්‍රහාරයන් පිළිබඳව දැනුම් දී ඇතත් ISIS සංවිධානය ඒ සඳහා පිළිගතහැකි සාක්ෂි නොවීම නිසා එය බාර ගැනීම අදිමදිකර තිබී ඇති බවද ඔහු සඳහන් කරයි

කෙසේවුවද, පසුව ඔහු ඉන්දුනීසියාවෙන් අන්තර් ජාලයට මුදා හැර තිබූ පසුව ISIS නිල පුවත් සේවය විසින් මුදාහැරි වීඩියෝව බාගත කර ISIS නායක අබු බකර් අල් බග්ඩාඩිට ලැබෙන්න සලස්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ ප්‍රහාරය ලාංකික ජාලයක් විසින් සිදු කළ එකක් බවත්, මෙයට අල්බග්ඩාඩි නායකත්වය ලබාදී නොමැති බවත්, ඔහු සඳහන් කර සිටියි.

ඔහු වැඩිදුරටත් මෙසේ කරුණු දක්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here