මධ්‍යම කඳුකරයට තද වැසි

0
229

මධ්‍යම කඳුකරයේ පෝෂක ප්‍රදේශවලට පසුගියදා (12) අළුයම සිට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතිනවා.

දිඹුල පතන පොලිස් වසමට අයත් ක්‍රිස්ටල්ස්ෆාම් වතුයායේ නිවාස පහක් මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර එහි සාමාජිකයින් විසි දෙනෙකු අවතැන් වි සිටිනවා.

ඔවුන් තාවකාලිකව එම වතුයායේ වෙනත් නිවාස වලට ගොස් තිබෙන බවත් සඳහන්.

අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙත් ස්ථාන කිහිපයකම දැඩි මීදුම් තත්වයක් වරින් වර ඇතිවීම නිසා මාර්ගයේ ගමනා ගමනයටත් අවහිරතා ඇතිවී තිබෙනවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here