සිංහරාජය කපා, ගිනි තබා ෆැක්ටරියක් ගහන්නට යයි

0
30

සිංහරාජයේ ප්‍රේරක කලාපයේ අක්කර 8ක කැලෑ ඉඩමක් කපා ගිනි තබා ඩෝසර් ආදිය යොදාගෙන අනවසර ලෙස සමතලා කරමින් සිටියදී වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය මේ පිළිබඳව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිලි කරනු ලදුව අදාළ සංහාරය නවත්වන ලෙස දන්වන ලද බව ප්‍රකාශ කරන ලද අතර, අදාළ විනාශය මේ වන විට තාවකාලිකව නතර වී තිබුනද, අදාළ ඉඩම් හිමි ව්‍යාපාරික හිටපු හමුදා නිලධාරියා ගම්වැසියන් වෙත පවසා ඇත්තේ තමන් කවුරු මොනවා කළත්, මෙම කර්මාන්තශාලාව මෙතනම ඉදිකරන බවයි.

එසේම මාධ්‍ය පරිසර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රකාශ කර සිටියේ, කලවාන පොලීසියේ පැමිණිලි කිරීමත්, ජාතික පාරිසරික පණත යටතේත්, මේ සම්බන්ධව ඉදිරියට නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි. එහෙත් මේ වන තෙක් එවැනි පියවරක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

තවද මධ්‍යම පරිසර අධිකාරියේ රත්නපුර කාර්යාලයේ සරත් නම් වන නිලධාරියා වාචිකව පවසා ඇත්තේ මෙම විනාශය නවත්වන ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය මෙම ගැටලුව වාර්තා කළ දිනට පසු දිනම ලිඛිතව දැනුම් දුන් බවයි.

අදාළ ලිපියේ පිටපතක් ලබා ගැනීමට එම සංවිධානය මේ වන විට කටයුතු කරමින් සිටියි. එසේම, මෙම අනවසර වන හෙලීමට එරෙහිව ඉදිරියට පැමිණි ප්‍රදෙශවාසියකුට අදාළ හමුදා නිලධාරියාට සම්බන්ධ අයකු විසින් තර්ජන සිදුකර ඇත. ඒ සම්බන්ධව මේ වන විටත් රක්වාන පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

මෙම ප්‍රශ්නගත ඉඩම සහ අවට කලාපය වනජීවී වශයෙන් සින්හාරජය වටා පිහිටි වැදගත්ම ප්‍රදේහය වන්නේ මෙම ඉඩම පිහිටි ස්ථානය සිංහරාජයේ අලි සංක්‍රමණය වන ප්‍රධානම භුමිය වන බැවිනුත්, අර්ධ වන සහ අර්ධ පතන සහිත භූමියක් වන බැවිනුත්, විශාල දොළක් සහ ජාල පෝෂකයක් ලෙසද මහත් වැදගත්කමක් දරණ බැවිනුත්ය. එසේ හෙයින් කර්මාන්තපුරවල පිහිටවිය යුතු කර්මාන්ත, සින්හාරාජ මායිමේ පිහිටුවීම යනු ඇමසන් වනාන්තරයට අද අත්ව ඇති ඉරණම හෙට සින්හාරජයට අත්කරදීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here