කවුද මේ බෝරාවරු

0
41

මේ දින වල ලෝකයේ සමස්ථ බෝරා මුස්ලිම්වරුන්ගේ ජාත්‍යන්තර සමුළුව ඔවුන්ගේ අධ්‍යාත්මික නායක දායි සහෙද්නා මොහම්මද්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වේ.

බෝරා මුස්ලිම් නිකාය ඉස්ලාම් ආගමේ ප්‍රධාන නිකායන් දෙක වන සුන්නි හා ෂියා මුස්ලිම් දෙපිරිසෙන්, ෂියා නිකායට අයත් ඉස්මයිල් ශාඛාවේ උප නිකායකි.

ෂියා නිකාය බොහෝ විට ලෝකයේ ත්‍රස්තවාදය සහ අන්තවාදයට සහය නොදක්වන ඉතා සාමකාමී පිරිසක් වේ.

එහි උප නිකායක් වන බෝරා මුස්ලිම්වරු අන්තවාදී ස්වරූපයක් නොගන්න බෙහෙවින් සාමකාමී මිත්‍රශීලී පිරිසකි.

සම්ප්‍රදායික අරාබි ඇඳුම් නිතර නොඅඳින, තමන් ජීවත් වෙන රටේ සංස්කෘතිය සමඟ මුසු වූ ඔවුන් තම ආගමික චාරිත්‍ර වලට මුල්තැන දීමට අමතක නොකරයි.

දිනකට 5 වතාවක් දෙවියන් නමදින ඔවුන්. රාමසාන් මාසයේ උපවාස රකියි. හජ්ජ් සහ උම්රා සඳහා සහභාගී වේ. සකාත් ලබාදීම ද සිදු කරයි.

ලංකාවේ බෝරා මුස්ලිම් වරු අතර ප්‍රකට දේශපාලඥයන්ද, ප්‍රකට දේශීය ව්‍යාපාරිකයන් ද වන අතර. ලංකාවේ බෝරා මුස්ලිම් වරු 3000ක් පමණ සිටියි.

ලොව පුර ඉන්දියාව, යේමනය, දකුණු අප්‍රිකාව මෙන්ම මැද පෙරදිග බෝරා මුස්ලිම් වරු මිලියන 1.2 පමණ ජීවත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here