වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව – ලෝකයෙන්ම පළමු තැනට

0
24

මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර පරිභෝජනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර පවසයි.

අප ගන්නා ආහාරවලට වගා බිමේදී, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය එකතුවීම නිසා ඒවා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම මෙයට බෙහෙවින් බලපාන බවත්, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමෙන් මේ තත්ත්වයන් වළක්වා ගත හැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ආහාර බෝග වගා කරනු ලබන ගොවිබිමේ සිට කෑම පිඟාන දක්වා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් අවධාරණය කරන ඔහු අවිධිමත් කෘෂි රසායන භාවිතයට සීමා කර සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මක බව තහවුරු කරමින් පරිසර හිතකාමීව නිපදවනු ලබන කුළුබඩු සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතික (යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිත කළ බවට සහතික) නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවැසීය.

අධ්‍යක්ෂවරයා මෙම තොරතුරු අනාවරණය කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැති කුළුඟබඩු බෝග සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව හඳුන්වා දීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here