අප්‍රේල් 21 ප්‍රහාරය ගැන හේමසිරි ප්‍රනාන්දු කලින් දැනගෙන හිටියෙ නැහැලු

0
57

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට ලැබී නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එසේම ජාතික රහස් ඔත්තු සේවය සිය බුද්ධි තොරතුරු කෙළින්ම අනාවරණය කරන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත්, එය ආරක්ෂක ලේකම්වරයාට ලබා නොදෙන බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබේ.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු මාධ්‍යට පවසා තිබුනේ ප්‍රහාරයක් සිදුවෙන බව දැන සිටියද එය මෙතරම් බරපතල ප්‍රහාරයක් වෙනු ඇතැයි තමන් නොසිතූ බවයි. එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල් තියා තොරතුරු ලැබී තිබුණු නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා නොකළේ ජනාධිපතිවරයා සියලු ඔත්තු තොරතුරු සෘජුව ම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකගෙන් නිසා බව හේමසිරි ප්‍රනාන්දු පැවසීය.

ආරක්ෂක ලේකම් විදෙස් මාධ්‍ය වෙත කළ ප්‍රකාශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here