රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

0
26

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.

ඉකුත් 04 වනදා තමන් සමඟම රැකියාවට කරන රාජ්‍ය බුද්ධි අංශය වෙත ගිය බව පැමිණිලිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන්.

එදින රාජකාරි කර නිවසට තමා පැමිණියද සැමියා පැමිණියේ නැති බවත්, ඊයේ (05) තම පුතාට දුරකතන ඇමැතුමක් ලබා දී තිබූ සැමියා නිවසට පැමිණීමට ප්‍රමාද වන බවක් පැවසීය යැයි ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here