සාමනේර හිමිනමට ලිංගික හිංසනයක් සිදු කලා යැයි හිමිනමක් රිමාන්ඩ්

0
24

බලංගොඩ විහාරස්ථානයක වැඩ සිටින 12 හැවිරිදි කුඩා සාමනේර හිමි කමක් ලිංගික අ⁣පයෝජනයට ලක් කළ සැකකාර හිමිනම බලංගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව එම සැකකාර හිමිනම ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට අද(15) නියෝග කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එම සාමනේර හිමිනමගේ මව විසින් බලංගොඩ පොලිසිය වෙත කෙරුණු පැමිණිල්ල අනුව, බලංගොඩ පොලිසිය විසින් සැකකාර හිමනම අත්අඩංගුවට ගෙන අද(15) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම සැකකාර හිමිනම බලංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින 20 හැවිරිදි හිමිනමකි.

එම සාමනේර හිමිනම අවස්ථා කිහිපයකදිම සැකකාර හිමිනම විසින් ලිංගික අ⁣පයෝජනයට ලක් කර ඇති බවට පොලිසිය විසින් සිදුකල විමර්ශන වලදී අණාවරණය වී ඇත. අපයෝජනයට ලක් වු සාමනේර හිමිනම බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.


සම්පත් ප්‍රියනන්දන
ජනයුගය – බලංගොඩ වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here