හිමොෆීලියා රෝගීන් හඳුනාගැනීමට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක්

0
27

ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ රෝගයක් වශයෙන් සැලකෙන හිමොෆීලියා වැළඳුණු රෝගීන් හඳුනාගැනීම සඳහා ඔවුන් වෙත විශේෂ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා හිමොෆීලියා සංගමය සහ ශ්‍රී ලංකා රක්ත ව්‍යාධිවේදීන්ගේ සංගමය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ රෝගීන්ට නිකුත් කෙරෙන ඖෂධ සහ ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු විශේෂ දත්ත පද්ධතියකටද ඇතුළත් කෙරෙන අතර ඔවුන් හදිසියේ රෝගයට ගොදුරු වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට සහ විධිමත් ආකාරයෙන් ඖෂධ ලබා දීමට එමගින් හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත යටතේ ලංකාව පුරා දැනට පවත්වාගෙන යන හිමොෆීලියා සායන සියල්ලම එකම ජාලයකට එක් කරමින් සෑම රෝගියෙකුටම කාර්යක්ෂම මෙන්ම අඛණ්ඩ ‍ප්‍රතිකාර සේවාවක් ලබාදීමට නියමිතයි.

හිමොෆීලියා යනු රුධිරයේ කැටි ගැසීමේ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සීමා කරන ආබාධයක් වන අතර මෙය පරම්පරාගත රෝගයක් වේ. එය පිරිමින්ට පමණක් බලපාන නමුත් කාන්තාවන් දෝෂ සහිත ජාන වාහකයන් ලෙස කටයුතු කරන බවද හඳුනාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here