ගෝඨාගේ ඝාතන ලැයිස්තුව

0
21

2012 වසරේ නොවැම්බර් මාසයේ 10 වන දා සිදු වූ වැලිකඩ බන්ධනාගායේ රැදවියන් විසිහත් දෙනෙකු ඝාතනය කිරීමට අදාල නඩුව, පසුගිය 17වැනිදා විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේදී සාක්ෂි ලබා දුන් හිටපු සහකාර පොලිස් අධිකාරී, පී. ඩබ්ලිව්. කුඩාබණ්ඩාර,පවසා සිටියේ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා නිළධාරින් කිහිප දෙනෙකු අත තිබූ නම් ලැයිස්තුවක් පෙන්වා, තමන්ගෙන් ඒ නම් සදහන් පුද්ගලයන් පිළිබදව විමසා සිටි බවයි.

අදාල නම් ලැයිස්තුව රැගෙන ආ හමුදා නිළධාරීන්, එම ලැයිස්තුව ඉදිරිපත් කළේ, “ගෝඨාගේ ලැයිස්තුව” ලෙස බව එහිදී පැවසීය. ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා සිටියේ ය. “ගෝඨා” ලෙස අදාල හමුදා නිළධාරීන් හැදුන් වූ වේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවයි.

එම මොහොතේ වැලිකඩ බන්ධනාගාරයේ නොසිටි සිරකරුවන් දෙදෙනෙකු පිළිබදවද එම හමුදා නිළධාරීන් තමන්ගෙන් විමසා සිටි බවද පොලිස් අධිකාරී කුඩාබණ්ඩාර ප‍්‍රකාශ කළේ ය.

හමුදා නිළධාරීන් බන්ධනාගාරය තුළ සිදු කළ මෙහෙයුම අතර තුර දී, සිරකරුවන්ගේ විලාපය තමන්ට ඇසුණු බවත්, අපිව මරා දමන්න එපා යැයි කියමින් ඔවුන් විලාප දුන් බවත්, තමන්ගේ නම කියමින්, ඔවුන්ව බේරා ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළේය. එහෙත් තමන් සිටියේ කිසිවක් කරකියාගත හැකි තත්ත්වයක නොවන බවයි පොලිස් අධිකාරීවරයා පැවසූයේ.

මෙම ඝාතනය අවස්ථාවේදී සිවිල් ඇදුමුන් සැරසුණ තවත් පුද්ගලයන් දෙදෙනෙක් හමුදා නිළධාරීන් සමග සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලෙස තමන් හදුනාගත් බවත් පොලිස් අධිකාරීවරයා අදාළ සාක්ෂි දීමේදී ප්‍රකාශ කළේ ය.


සිසිර යාපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here