සනීපාරක්ෂක තුවා දැන්වීම් වාරණයක්

0
36

ජනාධිපතිවරණය ඡන්ද විමසීම අවසන් වනතෙක් කාන්තා සනීපාරක්ෂක තුවා දැන්වීම ප්‍රචාරය කිරීම වහාම අත්හිටුවන්නැයි ‘ශ්‍රී ලංකා ‌පොදු ජන ‌පෙරමුණ’ පක්ෂයට සම්බන්ධ නීතිඥයින් කිහිප දෙනෙකු මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එවැනි දැන්වීම විකාශය තුලින් ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට බලවත් අගතියක් සිදුවන බවට ඔවුන් විසින් පෙන්වා දී ඇතැයි ද පැවසේ.

එමෙන්ම රාත්‍රී ITN නාලිකාව හරහා විකාශය වූ ‘පෑඩ් මැන්’ චිත්‍රපටය විකාශයවිම වලක්වා ගැනීමටද මෙම පිරිස බලවත් උත්සහයක් දරා තිබිණ.

මේ අතර ‘පෑඩ් මෑන්’ කතාවක් ඇදගැනීම හේතුවෙන් සජිත් ප්‍රේමදාසට අතිවිශාල ප්‍රචාරණ වාසියක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල මෙහෙයුම් කමිටුවට ගෝඨාබය රාජපක්ෂ දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වේ.

තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූ විට එහි උණුසුම පැය 24ක්වත් සමාජ මාධ්‍ය ජාල තුළ රඳවා ගැනීමට අසමත් වූ පොහොට්ටු ෆේස්බුක් කමිටුව, අහක යන කතාවකට මඩ ගැසීමට ගොස් නොසිතූ විරූ ප්‍රචාරණ වාසියක් ප්‍රතිවාදියාට අත්පත් කර දීම ගෝඨාබය රාජපක්ෂගේ විවේචනයට ලක්ව ඇත.

දිලිත් ජයවීර යටතේ ක්‍රියාත්මකවූ ගෝඨාබය රාජපක්ෂගේ සමාජ මාධ්‍ය මෙහෙයුම මේවනවිට ක්‍රියාත්මක වන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here