සන්ධ්‍යා සහ පුතුන් තාමත් ජීවතුන් අතර….

0
28

2009 දී රාජපක්ෂ රෙජිම සමයේ දී අතුරුදහන් කර දැමූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නාමය 2015 මැතිවරණ වේදිකාවල රස අහරක් වූ නමුදු ඒ කර පිටින් බලයට ආ නඩය පත් වූ වහාම එය අමතක කර දමනු ලැබීය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපතිවරණ අපේක්ෂකයෙකි. සන්ධ්‍යාට සහ දරු දෙදෙනාට ඊනියා යහපාලන නඩයෙන් සාධාරණයක් ඉටු නොවූ අතර උසාවියේදී ඈට තර්ජනය කළ වරදට දඬුවම් ලෙස සිරගත කළ ගලගොඩඅත්තේ හිමිට ජනාධිපති සමාව ලැබිණි.

ඒ අතර පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ බන්ධනාගාරගත කළ සෙබළුන්ට දණ්ඩ මුක්තිය ලබා දෙන බවකි. මේ සම්බන්ධයෙන් සජිත්ලාටද රෙද්දක් ඇඳන් කටක් අරින්නට බැරි අතර අනුරලාටද මේවා වගේ වගක් නැත.

එහෙත් සන්ධ්‍යා ඇගේ සටන අත් හරින්නේ නැත. ගෝඨාභයගේ ප්‍රකාශය ගැන පැමිණිලි කරන්නට ඈ මානව හිමිකම් කොමිසමට ආ අතර කෛරාටික දේශපාලන බලවේග සේ ම ඊනියා මාධ්‍ය ද ඇයව අත හැර දමා තිබෙන මුත් අප එසේ නොකරමු.


සඳුන් ප්‍රියංකර විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here