“හෝටලයක් වෙනුවෙන් ඉවත් කළ හමුදා මුලස්ථානය නිසා මාසිකව මිලියන 42ක් රජය වියදම් කළා”

0
22

යුධ හමුදා මුලස්ථානය පිහිටි ස්ථානය හෝටල් සංකීර්ණයක් ඉදි කිරිම උදෙසා විකුණා දැමිම නිසා එහි පිහිටි කාර්යාල පිහිටුවිමට රජයේ සහ පෞද්ගලික අංශයේ ගොඩනැගිලි කුලි පදනම ගත ලබා ගැනිමට සිදුවු බවත් ඒ සදහා මාසිකව රජයට රුපියල් මිලියන 42ක් වියදම් කිරිමට සිදුවු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ පැලවත්ත ප්‍රදේශයේ ඉදිකළ නව යුධ හමුදා මුලස්ථානය විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින්ය.

එමෙන්ම මෙම නව යුධ හමුදා මුලස්ථානය ඉදිකිරිම සදහා 2011 වර්ෂයේදි ආරම්භ කළ බවත් එය මේ දක්වා ප්‍රමාද වුයේ භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරිමේදි ඇතිවු මුල්‍ය ගැටළු හේතුවෙන් බවත් කියා සිටියේය.

එමෙන්ම ඉදිරි අවුරුදු 02 ක තුලදි නාවික හා ගුවන් හමුදා මුලස්ථානයන් හී ඉදිකිරිම් අවසන් කිරිමට හැකිවනු ඇති බවත්, එය ඉටු කිරිමට හැකිවන්නේ භාණ්ඩාගාරයෙන් නියමිත වෙලාවට මුල්‍ය ආධාර ලැබෙන්නේ නම් බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here